(Translated by https://www.hiragana.jp/)
ශරීරය සිදුරුකිරීම - විකිපීඩියා Jump to content

ශරීරය සිදුරුකිරීම

විකිපීඩියා වෙතින්
12:07, 7 අප්‍රේල් 2014 වන විට Haaziq Hamza (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
පුඩු විදුම්, සිරස් පූර්වෝෂ්ඨ විදුම සහ ඇදි කන්

ශරීරය සිදුරුකිරීම යනු ආභරණ පැළදීමට හෝ ශරීරය වෙනස් කිරීමට හෝ ශරීරයේ කොටසක් සිදුරුකිරීම. සිදුරුකිරීම යන වචනය ක්‍රියාව හෝ ශරීරය විදීමට ලද පුහුණුව හෝ සිදුරු කිරීමෙන් ශරීරයේ කොටසක් වවෘත කිරීම හදුන්වයි. ශරීර විදීමේ ඉතිහාසය අසත්‍ය තොරතුරු නිසා නොපැහැදිළි වුවත් එය ලෝක ඈත අතීතයේ සිටම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයන් මගින්ම සිදුකර ඇති බව ප්‍රමාණවත් සාක්ෂී පවතී.

විශේෂයෙන්ම කන් විදීම හා නාසය විදීම බෙහෙවින් පැතිර ඇති අතර ඉතිහාස සටහන් වලද සදහන් කළ ඇති අතර එය ගාම්භීර ක්‍රියාවක් ලෙසද සැළකේ.පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීර විදීම හා නොවිදීම සදහා කාරණය වෙනස් වේ.සමහර පුද්ගලයින් ආගමික කටයුතු සදහාද තවත් සමහර පුද්ගලයින් තමන්ගේ පෙනීම දියුණු කරගැනීම සදහාද ශරීර විදීම් සිදුකරයි. නමුත් සමහර ශරීර විදීම් තරුණයන් හා සසදන විට ආකාර මත භේදාකාරීවේ. තවද ශරීර විදීම් ප්‍රදර්ශනය කිරීම පාසල්වල, ආයතනවල සහ ආගමික පිරිස මගින් තහනම් කර ඇත. නමුත් සමහර පුද්ගලයින් ගිනස් වාර්තාවක් තැබීම අරමුණු කර ගැන අසීමිත ආකාරයෙන්ද ශරීර විදීම් සිදුකරයි.

වර්තමානයේ ශරීර සිදුරු කීරීම, සුරක්‍ෂිත ශරීර සිදුරු කිරීමේ තාක්ෂණය යොදාගැනීම බෙහෙවින් අවධාරණය කරන අතර තවද මෙම කාර්ය සදහා විශේෂිතව නිර්මාණය කර ඇති මෙවලම්ද භාවිතා කරන ලෙසද බෙහෙවින් අවධාරණය කරයි. ශරීර සිදුරු කිරීමතරමක් අවදානම් සහිත ක්‍රියාවකි. අසාත්මික ප්‍රතික්‍රියා, ආසාදන රෝග බෝ වීම,අධික භියගන්වීම සහ අනපේක්ෂිත ශරීර ආබාධ යනාදීන් ශරීරකිරීම හා සම්බන්ධ අවධානම් වේ. නමුත් ඉහත සදහන් අවධානම් සෞඛ්‍යාරක්ෂක ශරීර විදීමේ ක්‍රියා පිළිපැදීම හා ශරීර විදීමෙන් පසු එය සුදුසු ආකාරයෙන් රැකීමෙන් අඩුකර ගත හැක. තවද ශරීර විදුම් සිදු කළ විට එය සුවකිරීමට ගන්නා කාලය විදුමෙන් විදුමට වෙනස් වන අතර සමහර අවස්ථාවල එය මාසයකින් සුවවන අතර සමහර අවස්ථාවල එය සුවවීමට අවුරුදු 2 ක පමණ කාලයක්ද ගත වේ.

අතීතය

වර්තමානයේ ශරීර සිදුරු කිරීම පුරාවිද්‍යා ගවේෂකයින්ගේ මූලික ගවේෂණය බවට පත්වී ඇත. පුරාණ සටහන්වල ශරීර සිදුරුකිරීම පිළිබදව බොහොම කලාතුරයකින් සදහන් කර ඇති අතර තවද එහි සිදුරු කිරීමේ ක්‍රියාදාම, එහි තේරුම සහ භාවිතා කර ඇති ආභරණ පිළිබදව සදහන් දත්තද අසම්පූර්ණ ස්වභාවයක් ගනී. තවද නූතන දත්ත, ශරීර විදීම පිළිබදව මහත් උනන්දුවක් දක්වන [1] ගේ 20 වන සියවස සොයාගැනීමත් සමග නිෂ්ප්‍රභා වී ඇත. 1960 සහ 1970 දී Malloy සමකාලීන ශරීර විදීමට එය අලෙවි කර නව ඉතිහාසයක් ලබා දුන්නේය. ඔහුගේ Body & Genital Piercing in Brief නම් කෘතියේ, [2] විසින් තමන්ගේ කලිසම තදට ඇදීමෙන් පෙනෙන තම ශරීරයේ ඇති විශාල පිරිමිඇඟ නොපෙන්වීමට භාවිතා කළ සිදුරු කිරීම පිළිබදවද,තවද රෝමානුවන් විසින් කරන ලද චුචුක සිදුරු කිරීම් පිළිබදවද එහි සදහන් වේ. එමනිසා Malloy ගේ කෘතියේ සදහන් මෙවන් සමහර කතා පසු ප්‍රකාශිත කෘතිවලද සදහන් වී ඇත.

  1. https://en.wikipedia.org/wiki/Doug_Malloy
  2. https://en.wikipedia.org/wiki/Prince_AlbertPrince Albert
"https://si.wikipedia.org/w/index.php?title=ශරීරය_සිදුරුකිරීම&oldid=295726" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි