(Translated by https://www.hiragana.jp/)
ඇල්ෆා ක්ෂයවීම් - විකිපීඩියා Jump to content

ඇල්ෆා ක්ෂයවීම්

විකිපීඩියා වෙතින්
Visual representation of alpha decay
Alpha source beneath a radiation detector

අස්ථායී පරමාණුවක් αあるふぁ-අංශුවක් එසේත් නැතහොත් හීලියම් න්‍යෂ්ටියක් පිට කරමින් ස්ථායී අවස්ථාවකට පත් වීම αあるふぁ-ක්ෂය වීමයි (ඇල්ෆා ක්ෂයවීම්) (ඉංග්‍රීසි:  Alpha decay or αあるふぁ-decay). සාමාන්‍යයෙන් αあるふぁ-ක්ෂය වීම දැකිය හැකි වන්නේ ස්කන්ධ ක්‍රමාංකය 200 ට වඩා වැඩි න්‍යෂ්ටි වෙතිනි. මෙම ක්ෂය වීමේදී සෑදෙන දුහිතෘ න්‍යෂ්ටිය පීතෘ න්‍යෂ්ටියට වඩා පරමාණුක ක්‍රමාංක 2ක් ද ස්කන්ධ ක්‍රමාංක 4ක් ද අඩු වෙයි.

සෑදෙන දුහිතෘ න්‍යෂ්ටියෙහි සහ αあるふぁ-අංශුවෙහි ස්කන්ධ එකතුව පීතෘ න්‍යෂ්ටියෙහි ස්කන්ධයට වඩා අඩු වෙයි. මෙම අඩු වන ස්කන්ධය ශක්තියට පෙරළෙන අතර αあるふぁ-අංශුවට සහ දුහිතෘ න්‍යෂ්ටියට මෙම ශක්තිය චාලක ශක්තිය ආකාරයෙන් ලැබේ. නමුත් දුහිතෘ න්‍යෂ්ටිය αあるふぁ-අංශුවට වඩා ස්කන්ධයෙන් ඉතා වැඩි නිසා ගම්‍යතා සංස්ථිති මූලධර්මයට අනුව αあるふぁ-අංශුව ඉමහත් වේගයකින් ඉවතට ප්‍රක්ෂේපණය වනු ඇත. αあるふぁ-කිරණ යනුවෙන් හඳුන්වන්නේ මෙ බඳු අංශු ය.


ඇල්ෆා අංශුවක් හීලියම් න්‍යෂ්ටියක් සේ සැලකිය හැකි අතර එය නියුට්‍රෝන යුගලයකින් හා ප්‍රෝටෝන යුගලයකින් සමන්විත වේ. කිසියම් පරමාණුක න්‍යෂ්ටියක් ඇල්ෆා (x) අංශුවක විමෝචනය කරමින් විකිරණශීලි ක්ෂය වීමට ලක්වන විට ප්‍රතිඵලය ලෙස ආරම්භක මූලද්‍රව්‍යයට වඩා අඩු පරමාණුක ක්‍රමාංකයක් ඇති මූලද්‍රව්‍යයක් ලැබේ.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඇල්ෆා_ක්ෂයවීම්&oldid=403670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි