ජොහෑන් වොල්ෆ්ගෑන් වොන් ගොතේ
ජොහෑන් වොල්ෆ්ගෑන් වොන් ගොතේ | |
---|---|
වෘත්තිය | Poet, Novelist, Playwright, Natural Philosopher, Diplomat, Civil servant |
ජාතිකත්වය | ජර්මානු |
කාලසීමාව | Romanticism |
සාහිත්‍යමය සංවිධානය | Sturm und Drang; Weimar Classicism |
සංගණ්‍ය කෘතිය(න්) | e.g. Faust; The Sorrows of Young Werther; Wilhelm Meister's Apprenticeship; Elective Affinities |
කලත්‍රයා(යන්) | Christiane Vulpius |
ආභාෂයට නතු කලේ | |
අත්සන |
ජොහෑන් වුල්ෆ්ගෑන්ග් වොන් ගොතේ (1749 අගෝස්තු 28 – 1832 මාර්තු 22) ජර්මානු ජාතික ලේඛකයෙක් විය. ජෝර්ජ් එලියට් විසින් ඔහු හඳුන්වනු ලැබුවේ ජර්මනියේ ශ්‍රේෂ්ටතම ලේඛකයා ... හා පෘථිවිය මත ඇවිදින ලද අවසාන සත්‍ය මහා ප්‍රාඥයා ලෙසය. ගොතේ ගේ නිර්මාණ පද්‍ය, නාට්‍ය, සාහිත්‍ය, දේව ධර්මය, මනුෂ්‍යවාදය හා විද්‍යාව යන ක්ෂේත්‍රවල පැතිරී තිබේ. ගොතේ ගේ ලෝක ඉතිහාසයේ එක් ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ නිර්මාණය වන්නේ කොටස් දෙකකින් යුත් නාට්‍යයක් වූ Faust ය. ගොතේ ගේ අනිකුත් ජනප්‍රිය සාහිත්‍යමය නිර්මාණ අතරට ඔහුගේ පද්‍ය වූ Bildungsroman Wilhelm Meister’s Apprenticeship හා සංදේශ නවකතාවක් වූ The Sorrows of Young Werther ඇතුළත් වේ.
ගොතේ ජර්මානු සාහිත්‍ය හා 18 වන සියවසේ පසුභාගයේ හා 19 වන සියවසේ මුල්භාගයේ වූ වෙයිමර් සම්භාව්‍ය වාද ව්‍යාපාරයේ දී ප්‍රධාන චරිතවලින් එකක් විය. මෙම ව්‍යාපාරය පුනරැද (Enlightenment) , සංවේගාතිශයභාවය, ස්ට්‍රම් අන්ඩ් ඩ්‍රැන්ග් හා රෝමාන්තිකවාදය සමඟ සමපාත වේ. වර්ණ සිද්ධාන්තය යන විද්‍යාත්මක ග්‍රන්ථයෙහි කතුවරයා වූ මොහු ශාක රූප කෘත විද්‍යාව ඔහුගේ නිරන්තර අවධානය සමඟ ඩාවින්ට බලපෑම් එල්ල කරන ලදී. තවද ඔහු වෙයිමර් ආදිපාද ප්‍රදේශයේ රහස් මන්ත්‍රීවරයෙකු ලෙස ද සේවය කරන ලදී.
ගොතේ Weltliteratur (ලෝක සාහිත්‍ය) සංකල්පයේ නිර්මාතෘවරයා විය. තවද ඔහු විසින් එංගලන්තයේ , ප්‍රංශයේ, ඉතාලියේ, පුරාතන ග්‍රීසියේ, පර්සියාවේ , අරාබියේ සාහිත්‍යයන් අනෙක් අය අතරට ගෙන යන ලදී. ජර්මානු දර්ශනය මත ඔහුගේ බලපෑම මිනිය නොහැකි තරම් වේ. ඔහු විසින් හේගල් හා ෂෙලින් පරම්පරා මත විශාල බලපෑමක් එල්ල කරන ලදී. එසේ නමුත් ගොතේ සිතාමතාම විරලීකෘත හැඟීමකින් දර්ශන විද්‍යාව ප්‍රගුණ කිරීමෙන් වැළකී සිටියේය.
ගොතේ ගේ බලපෑම් යුරෝපය පුරා පැතිරුණු අතර ඊළඟ ශත වර්ෂය පුරාවට ඔහුගේ කාර්යයන් සංගීතය, නාට්‍ය, පද්‍ය හා දර්ශන ක්ෂේත්‍රවල ප්‍රධාන ආවේශ ප්‍රභවය විය. බොහොමයක් දෙනා විසින් ගොතේ ජර්මානු භාෂාවේ වඩාත් වැදගත් ලේඛකයා ලෙස හා බටහිර සංස්කෘතියේ වැදගත් චින්තකයන් අතරින් එක් අයෙකු ලෙස සලකනු ලැබේ. කෙසේ නමුත් ඔහුගේ වෘත්තිය ජීවිතයේ මුල් කාලයේ දී චිත්‍ර ශිල්පිය ඔහුගේ සත්‍ය වෘත්තිය නොවනු ඇති බවට ඔහු කල්පනා කරන ලදී. ඔහුගේ ජීවිතයේ පසු කාලයේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ දෘශ්‍ය විද්‍යාවට ඔහු සිදු කරන ලද සේවය අනෙක් සියල්ලටම ඔහුව මතකයේ රඳවනු ඇති බව ඔහු බලාපොරොත්තු වන බවයි.