(Translated by https://www.hiragana.jp/)
ඡායාරූප පත්‍රකලාවේදය - විකිපීඩියා

ඡායාරූප පත්‍රකලාවේදය

09:38, 8 පෙබරවාරි 2010 වන විට ෆෙලිඩේ (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

ඡායාරූප පත්‍රකලාවේදය


ඡායාරූප පත්‍රකලාවේදය යනු පත්‍රකලාවේදයේ (ප්‍රකාශයට පත් කිරීම හෝ විකාශනය කිරීම සදහා ප්‍රවෘත්ති එකතු කිරීම සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මෙයට අයත් වෙයි.) විශේෂිත ආකාරයක් වන අතර එමගින් කිසියම් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීම සදහා ඡායාරූප නිර්මාණය කෙරේ. වර්තමානයේ මෙය බොහෝ විට නිශ්චල ඡායාරූප සදහා පමණක් අදාල වන බව පිලිගැනෙන අතර ඇතැම් විට මාධ්‍ය විකාශන සදහා භාවිතා වන වීඩියෝ පට සදහ‍ා ද භාවිතා වෙයි. පහත ගුණාංග මගින් ඡායාරූප පත්‍රකලාවේදය ඡායාරූප කරණයට අදාල අනෙකුත් ක්ෂේත්‍ර වලින් (වාර්තාමය ඡායාරූප කරණය, මහාමාර්ග ඡායාරූපකරණය හෝ ප්‍රසිද්ධ පුද්ගලයන් ඡායාරූප කරණය වැනි) වෙනස් වේ.

· කාලීන බව - ඡායාරූප පත්‍රකලාවේදයේදී පල කෙරෙන ඡායාරූප අර්ථයක් ගෙන දෙනුයේ ඒවා පල කිරීමට ආසන්න කාලයක පල වු සිදුවීම් වර්තාවන් පිලිබද සලකන විටයි. · ඉලක්ක ගත බව - ඡායා රූප මගින් දැක්වෙන අවස්ථාව එහි අන්තර්ගතය සහ ඉදිරිපත් කෙරෙන විලාසය යන ද්විත්වයටම අනුව ඊට අදාල අවස්ථාවෙහි සාධාරණ සහ නිවැරදි නිරූපණයක් වේ. · විස්තර සහිත වීම - බලන්නාට හෝ පාඨකයාට ඡායාරූප මගින් කියවෙන කරුණු සංස්ක‍ෘතිකමය මට්ටමක සිට තේරුම් ගත හැකි ආකාරයට ඡායාරූප අනෙකුත් පුවත් කොටස් සමග සම්බන්ධ වේ.

ලිපිරචකයෙකු මෙන්ම ඡයාරූප පත්‍ර කලාවේදියෙකු ද වාර්තා කරුවෙකු වේ. නමුත් ඔහු හෝ ඇය බොහෝ විට ක්ෂණික තීරණ ගත යුතු වන අතර ඡායාරූප කරණය සදහා අවශ්‍ය වන උපකරණද රැගෙන යා යුතු වේ. බොහෝ විට මෙම කාර්යය ඉටු කිරීමේදී සැලකිය යුතු තත්ත්වයේ බදාවන්ට මුහුණ පෑමට ද ඔවුන්ට සිදු වේ. (ශාරීරික, කාලගුණය, පිරිස් එක්රැස් වීම් ආදි)




References

http://en.wikipedia.org/wiki/Photojournalism


"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූප_පත්‍රකලාවේදය&oldid=83753" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි